385
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව සිදු කළ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බවත් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බවත් හෙතෙම පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට ඊයේ (07) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ මහතා රාජපක්ෂලාගේ පවුලේ ආරක්ෂකයා බවද සරත් ෆොන්සේකා මහතා පැවැසීය.