දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් ද විරුද්ධව ඡන්ද 58ක් ද ලැබිණ. ඒ අනුව වැඩි ඡන්ද 45කින් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂය සමඟ විපක්ෂයේ ස්වාධීනව සිටින නිමල් ලාන්සා, ඒ. එල්. එම්. අතාවුල්ලා, සමගි ජන බලවේගයේ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යන පිරිස ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, චම්පික රණවක, එම්. ඒ. සුමන්තිරන්, ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු 63ක් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.
එමෙන්ම සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු වූයේ නැත.