Sunday, April 20, 2025
Home » චෙක් රටෙන් ‘එමු’ පක්ෂීන් 3ක් ‘ලීමර්’ වඳුරන් 4ක් එවයි

චෙක් රටෙන් ‘එමු’ පක්ෂීන් 3ක් ‘ලීමර්’ වඳුරන් 4ක් එවයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

කටුනායක ටී.කේ.ජී. කපිල

සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය මඟින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ‘එමු’ (Emu) පක්ෂීන් තිදෙනකු සහ ‘රින් ටේල් ලීමර්’ (Ring – Tailed Lemur) වඳුරන් සිවුදෙනකු පෙරේදා (06) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණ.

මාස 04ක් පමණ වයසැති මෙම ‘එමු’ පක්ෂීන් ඔස්ට්‍රේලියාව නිජබිම කරගත් පියැඹිය නොහැකි පක්ෂීන් අතර දෙවන ස්ථානය ගන්නා පක්ෂි විශේෂයකි. ‘රින් ටේල් ලීමර්’ වඳුරන් මැඩගස්කරය නිජබිම කරගත් ප්‍රදේශවලට ආවේණික, වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති, සර්වභක්ෂක සතුන් විශේෂයකි.

අවුරුදු දෙකක් වයසැති පිරිමි ලීමර් වඳුරන් දෙදෙනකු සහ අවුරුදු 11ක් වයසැති ගැහැනු ලීමර් වඳුරන් දෙදෙනකු මෙසේ එවා තිබිණ. මෙම සතුන් පෙරේදා (06) රාත්‍රී 09.10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. – 6184 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණ.

මෙම සතුන් පින්නවල, වාගොල්ල සත්ත්වෝද්‍යානයේ ‍ඔක්. 6 වැනිදා තෙක් මාසයක කාලයක් නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව, එම සත්ත්වෝද්‍යානයේම මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සතුන් භාර ගැනීම සඳහා පින්නවල, වාගොල්ල සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මලිත් ලියනගේ, දෙහිවල සත්ත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී මේනක පතිරගේ ඇතුළු නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT