යාපනයේ නාගර්කෝවිල් මුරුගන් කෝවිලේ පැවති වාර්ෂික මංගල්‍යය පූජාවේදී දෙවියන් උදෙසා තැබූ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් දෙලක්ෂ පනස්දහසකට පෙරේදා (06) රාත්‍රී කාන්තාවක් විසින් මිල දී ගනු ලැබුවාය.
මේ අන්දමට දෙවියන් උදෙසා පූජා කරනු ලබන අඹ බැතිමතුන් විසින් මිලට ගනු ලබන්නේ අනුභව කිරීම සඳහා නොව එම අඹ ගෙඩිය සුදු රෙදිකඩක ඔතා නිවෙසේ ඉදිරිපස දොරටුවට ඉහළින් එල්ලා තැබීමෙන් නිවෙසට සෞභාග්‍යය උදාවන බවට ඉන්දියාවේ කෝවිල්වලින් ලැබී ඇති ආභාෂයක් හේතුවෙනි.
වවුනියාවේ කෝවිල් දෙකකදී පසුගිය සතිවල එවැනි වෙන්දේසි දෙකකදී අඹ ගෙඩි දෙකක් රුපියල් එක්ලක්ෂ හැටපන්දහසකට හා එක්ලක්ෂ අසූදහසකට බැතිමතුන් විසින් මිලට ගෙන තිබිණ. මේ දිනවල උතුරේ කෝවිල්වල වාර්ෂික පූජා සමය ද සරස්වතී මාසය ද එළඹ ඇති නිසා කෝවිල්වලට විශාල වශයෙන් බැතිමතුන් පමිණෙන අතර, ඔවුහු දිනපතාම අලුයම් කාලය වනතුරු කෝවිල්වල රැඳී සිටිති. දෙවියන් උදෙසා පූජාවට තබන ලද පලතුරු වට්ටියේ පලතුරු වෙන්දේසිය ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රියේ වන අතර, එම පලතුරු වට්ටියේ ඇති අඹවලට ඉතා ඉහළ ලන්සුවක් හිමිවෙයි.