Home » දැරියගේ අත කැපුවාට හෙදියට චෝදනා
යාපනේ රෝහලේ කලබල

දැරියගේ අත කැපුවාට හෙදියට චෝදනා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු අටක් වයස පාසල් දැරියගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සිදුව ඇත්තේ එම වාට්ටුවේ සේවය කළ හෙදියගේ වරදින් බවට තොරතුරු හෙළිවීමත් සමඟ ‍පෙරේදා (06) යාපනය ශික්ෂණ රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබිණ.

එම රෝහලට ගිය දැරියගේ ඥාතීන් හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයෝ වහාම ඒ සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාව එළිදක්වන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

එම දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූයේ ජනනි රමේෂ් නමැති හෙදියගේ වැරැදි ක්‍රියාකලාපය හා ඇය විසින් වැරැදි ලෙස එන්නතක් දීම නිසා බවට තොරතුරු අනාවරණය වී ඇතත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පත්කරන ලද ද්විපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශයන් ප්‍රකාශයට පත් නොකිරීම නිසා යාපනය ශික්ෂණ රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබිණ. එම හෙදිය විසින් මීට ඉහතදී ද රෝගීන්ට වැරැදි ඖෂධ හා එන්නත් දී ඇති බවටත් රෝගීන්ට කිසිදු සැලකිල්ලකින් තොරව හා අමානුෂීය අන්දමට සැලකීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් වූ හෙදියක බවට යාපනයේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ. මේ අතර උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ද චෝදනා ඉදිරිපත් කරන එම සංවිධානවල නියෝජිතයෝ කියා සිටියේ ඔහු සෑම අවස්ථාවකම පරීක්ෂණ සඳහා කමිටු පත් කිරීම පුරුද්දක් කරගෙන එම වාර්තා එළියට නොදමා වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් බේරා ගැනීමට කටයුතු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT