බ්‍රිතාන්‍යයේ වේල්සයේ පිහිටි බ්‍රෙකන් බීකන්ස් විලේ ගිලෙමින් සිටි විදේශික කුඩා දරුවන් දෙදෙනකු බේරා ගැනීමට ක්‍රියා කළ යාපනයේ තරුණයකු එම විලේම ගිලී පෙරේදා (06) මියගොස් තිබිණ.
මෝහනනිදන් මුරුගානන්තරාජා නැමැති 27 හැවිරිදි මෙම තරුණයා දියේ ගිලෙමින් සිටි විදේශික කුඩා ළමයන් දෙදෙනා බේරාගෙන ගොඩට රැගෙනවිත් ඇති අතර, අවසානයේදී ඔහු එම විලේ ගිලී ඔහුගේ මළ සිරුර දියයට සැඟව ගොස් තිබිණ.
පොලිසිය, ගුවන් ගිලන් රථ, ගිනි නිවන ඒකකය ඇතුළු හදිසි සේවා එම ස්ථානයට ගොස් මෝහනනිදන්ගේ දේහය සෙවූ නමුත් ඒ අවස්ථාවේදී ඔහුගේ සිරුර ගොඩ ගැනීමට නොහැකි වී තිබේ. පසුව එම විලට විශේෂිත කැමරාවක් යවා ඉන් ලැබුණු දර්ශන ඔස්සේ කටයුතු කරමින් මඩේ එරී සිටි ඔහුගේ මළ සිරුර ගොඩගෙන ඇත.
මෝහනනිදන්ගේ අවමංගල්‍යය කටයුතු බ්‍රිතාන්‍යයේදී සිදු කිරීම සඳහා GoFundMe නැමැති සමාජ මාධ්‍ය ජාලා පිටුවක් හරහා අරමුදල් රැස් කරමින් සිටින අතර, මේ වන විට එම අරමුදලට බ්‍රිතාන්‍ය පවුම් විසිදහසකට වඩා ලැබී ඇතැයි ලන්ඩන් නුවරින් වාර්තා වෙයි.
මෝහනනිදන් මුරුගානන්තරාජා ලන්ඩනයේ රැකියාවක් සඳහා ගොස් ඇත්තේ මීට වසර දෙකහමාරකට ඉහතදී වන අතර, ඔහු යාපනයේ වෙලනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.