Sunday, April 20, 2025
Home » අතවර සිද්ධියකට පොලිසිය ප්‍රශ්න කරද්දී සැකකරු හැට්ටකටු ගිලලා

අතවර සිද්ධියකට පොලිසිය ප්‍රශ්න කරද්දී සැකකරු හැට්ටකටු ගිලලා

by mahesh
September 8, 2023 12:56 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම බිමල් ජයසිංහ

අනියම් බිරියගේ දියණියට ලිංගික අතවර කළ පුද්ගලයකුගෙන් පොතුපිටිය පොලිස් ස්ථානයේදී ප්‍රශ්න කරමින් සිටියදී හැට්ට කටු දෙකක් ගිලීම හේතුවෙන් රත්නපුර රෝහලට පෙරේදා (06) ඇතුළත් කර ඇත.

පොතුපිටිය පේරගස්වත්තේ පදිංචිකරුවෙක් මෙසේ හැට්ට කටු ගිල ඇති බව පොලිසිය කියයි.

අතවර කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ල විභාග කරමින් තිබියදී පොලිසියේ චෝදනාගාරය තුළදී එම පුද්ගලයා එසේ හැට්ට කටු ගිල ඇති බව පොලිසිය කියයි.

සිය දියණියට අනියම් සැමියා විසින් අතවර කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ දියණියගේ මව විසිනි.

මේ පුද්ගලයා විසින් අතවර කර ඇත්තේ අවුරුදු 15ක් වයසැති දියණියකටය. හැට්ට කටු දෙකක් ගිල දැමූ සැකකරු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT