Monday, April 21, 2025
Home » අර්ථසාධක පොලිය 9%ට ​බැස්සීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

අර්ථසාධක පොලිය 9%ට ​බැස්සීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදලෙහි ඇති මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීම මඟින් එහි සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (07) ඉල්ලා සිටියේය. කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කළ මේ පෙත්සම් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ ඉල්ලීම කළේය.

යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරුණු බවත් මෙම පෙත්සම්වලද අන්තර්ගත කරුණුද එම නිෂ්ප්‍රභ කළ පෙත්සමෙහි ඇතුළත් කරුණුවලට සමාන බැවින් මේ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑම කළ නොහැකි බවත් ඒ මහතා කීය. ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ලබන ඔක්තෝබර් 5 දා කැඳවන ලෙස නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT