ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ බහුකාර්ය සංවර්ධන සහායකයන් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී පෙරේදා (05) පැවැත්විණි. බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාලපරිච්ඡේදය සම්පූර්ණ කළ සියලු දෙනාට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට රජය ගත් තීරණයට අනුව මෙලෙස පත්වීම් ලබා දුන්නේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්. නන්දාවතී මහත්ම මහත්මීන් ද මෙන්ම අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් කීප දෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.