Home » සංචාරකයන්ට දේශීය භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ ‘Sea Fair’ සල්පිලක් හම්බන්තොටදී

සංචාරකයන්ට දේශීය භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ ‘Sea Fair’ සල්පිලක් හම්බන්තොටදී

by mahesh
September 8, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

වරායේ මගී ප්‍රවාහන ව්‍යාපාරය ප්‍රචලිතවීමත් සමඟ සංචාරකයන් සඳහා දේශීය භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා ‘Sea Fair’ සල්පිල සංවිධාන කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පියවර ගෙන තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය සහ ඒ අවට කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ වැඩිදියුණුව උදෙසා ප්‍රගතිශීලී ප්‍රජා ව්‍යාපෘතියක් ගෙන ඒමේ අරමුණින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

“ජනතාවගේ යහපැවැත්ම උදෙසා කැපවී කටයුතු කරන ආයතනයක් වශයෙන්, අප කලාපයේ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා අර්ථවත් අවස්ථා නිර්මාණය කිරීම HIP හි බලාපොරොත්තුවයි. කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සමඟ විවෘත කර ඇති අපගේ ‘Sea Fair’ සල්පිල එවන් අවස්ථාවක්. මගී ප්‍රවාහන ව්‍යාපාරය වරාය තුළ ප්‍රචලිත වීමත් සමඟ දේශීය භාණ්ඩ ගොඩබසින සංචාරකයින් වෙත ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සල්පිල තුළින් උදාකර තිබෙනවා” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ආවේණික වූ ආකර්ශනීය දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ‘Sea Fair’ සල්පිල මගී ප්‍රවාහන නෞකා පැමිණීම්වලට සමගාමීව පැවැත්වීමට නියමිත අතර, ප්‍රදර්ශකයන් වෙත එම දිනයන් පිළිබඳ පූර්ව දැනුම්දීමක් වරාය විසින් සිදු කරයි. ‘Sea Fair’ සල්පිල සඳහා සියලුම යටිතල පහසුකම් HIP විසින් ව්‍යවසායකයින්ට නොමිලේ සපයයි.

කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය සහ HIP අතර හවුල්කාරිත්වයෙන් සිදු කරන මෙම ප්‍රජා ව්‍යාපෘතිය දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අතරම විදෙස් ආගන්තුකයන්ට විශේෂිත සංචාරක අත්දැකීමක් ලබාදීමට ද ඉවහල් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT