වැසි පැවතියත් ජලාශවල ජල මට්ටම් ඉහළ ගිහින් නෑ
– වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) එස්. පී. සී. සූගීස්වර
දැනට දිවයිනේ නිරිත දිග පවතින වැසි තත්ත්වය අඩු – වැඩි වෙමින් ඉදිරියටත් බලාපොරොත්තු වන බවත්, එමෙන්ම මේ ඉරිදා සහ සඳුදා දිනවල වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙපෙස ද කීවේය.
“බෙංගාල බොක්කේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් රට හරහා නිරිත දිගින් එන සුළං ප්‍රවාහය වර්ධනය වීම මේ වැසි තත්ත්වයට හේතුවී තිබෙනවා. ඒ නිසා නිරිත දිග මෝසම සක්‍රීයවී තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලයේ අන්තර් මෝසම් තත්ත්වය ද ක්‍රමයෙන් සක්‍රීය වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”
අයහපත් කාලගුණය පිළිබඳව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) එස්. පී. සී. සූගීස්වර මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“වැසි පැවතියත් ජලාශවල ජල මට්ටම් වර්ධනය වීමක් සිදුවී නෑ. වාරි ජලාශවල සාමාන්‍ය ජල මට්ටම සමස්තයක් ලෙස සියයට 26ක පවතිනවා. නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ඇතුළු ඇතැම් ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඉදිරියේදී ඇති විය හැකි වැසි තත්ත්වය පිළිබඳව කළු, ගිං, නිල්වලා, බෙන්තර ගංගාවල සහ අත්තනගලු ඔය පහත්බිම් ද්‍රෝණිවල සිටින ජනතාව විමසිලිමත්වීම වැදගත්. පවතින තත්ත්වයේ වර්ධනයක් දැනට අපේක්ෂා කරන්නේ නෑ.”