Home » ඩිජිටල් ආර්ථිකයක් ගොඩනඟන ජාතික ප්‍රතිපත්තිය නොවැම්බර් එළිදක්වනවා

ඩිජිටල් ආර්ථිකයක් ගොඩනඟන ජාතික ප්‍රතිපත්තිය නොවැම්බර් එළිදක්වනවා

තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ලෝක බැංකුවේ අනුග්‍රහකත්වයෙන් මෙරට තොරතුරු තාක්ෂණ බුද්ධිමතුන් විසින් සකස් කරමින් පවතින ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිය ලබන නොවැම්බර් මස 11 වැනිදා එළිදැක්වීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් ආර් ථිකයක් සහ තොරතුරු තාක්ෂණ ජාතික ප්‍රතිපත්තිය එළිදක්වන බව තොරතුරු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (06) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වන විට ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් සියයට හතළිහක් ඩිජිටල්කරණය වී ඇත. ඒ අනුව එය සමස්ත ලෝක ආර්ථික ක්‍රියාකාරීත්වයට සියයට විස්සක දායකත්වයක් දී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වයට ඩිජිටල්කරණය මගින් ලබාදී ඇත්තේ සියයට පහක් තරම් අඩු ප්‍රතිශතයක දායකත්වයකි. මෙය වසර 2030 වන විට වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමින් රජය මේ වන විට කෙටි, මැදි හා දිර්ඝ කාලීනව වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාවට නංවා ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මේ වසරේ ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා කාලයේ මේ අංශයේ දියුණුවට වැඩසටහන් 28ක් ක්‍රියාත්මක කරන බවද කනක හේරත් මහතා අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT