Home » මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් ජනපති තරගයට එන හැඩ

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් ජනපති තරගයට එන හැඩ

ශ්‍රීලනිප 72 සංවත්සරයේදී ඉඟි පළ වෙයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

රට තුළ ඉදිරි කාලයේ දී ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් අප රටේ හිටපු 6 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා එම ජනාධිපතිවරණයට තරඟ කරනු ඇතැයි ඉකුත් 03 දා කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේ දී පැවති 72 වැනි ශ්‍රී.ල.නි.ප. සංවත්සර උත්සවයේ දී කතිකයන්ගේ කතාවලින් ඉඟි පළ වූ බව වාර්තා වේ.

එදින එම සංවත්සර මහා සභාවට වත්මන් රජයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද හිටපු අපේක්ෂක, අපේක්ෂිකාවන්ද, සාමාජික, සාමාජිකාවන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

72 වැනි සංවත්සරයට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය සිරිමා ආර්.ඩී.බණ්ඩාරණායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන්ගේ ඡායාරූප සහිත ප්‍රචාරක දැන්වීම් පුවරු සෑම තැනම අලවා තිබුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාවේදී සඳහන් කෙරිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනා කර තිබුණ ද ඇය නොපැමිණි අතර සුබ පැතුම් පණිවිඩයක් උත්සව සභාවට එවා තිබුණි.

එදින පැවති සංවත්සර උත්සවයේ දී වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ 1970 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ වගා ව්‍යාපෘතිය ඇතුළු රටේ සංවර්ධනය 1977 දී බලයට පත් වූ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ඉදිරිපත් කර රට විනාශ මුඛයට පත් කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT