කූට ලේඛන සකස් කර මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කළ බව කියන අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගතවීම වළක්වාලමින් ඔවුන්ට එරෙහිව තහනම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසයි. වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී හදිසියේ මියගිය තම සහෝදරයා ලෙස පෙනී සිටිමින් අදාළ පුද්ගලයා ආදි සිසු පදනම යටතේ පාසලට ඔහුගේ දරුවා ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයට දරුවා සමඟ සහභාගි වී ඇත්තේ මව වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය සිද්ධියට අදාළව අඹුසැමි යුවළ සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ සිදුවීමට අදාළ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරන කිසිවකුගේ හෝ සහාය හිමිවූයේ ද යන්න තහවුරු කර ගැනීම පිණිස පරීක්ෂණ පවත්වන පොලිසිය අධිකරණ නියෝගයක් ගනිමින් ආදිශිෂ්‍ය සංගමයේ පරිගණක යන්ත්‍රය පොලිස් භාරයට ගෙන රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු එහි අඩංගු කරුණු මත ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි. මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි.