Wednesday, April 9, 2025
Home » දුරකථන කුලුනු ග්‍රාහක වාර්ථා ඉල්ලයි
හිරේ ඉඳන් මහාධිකරණ විනිසුරු ලෙස කෝල් දීම

දුරකථන කුලුනු ග්‍රාහක වාර්ථා ඉල්ලයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ලෙස ව්‍යාජව හඟවමින් විභාග වන නඩුවක සැකකරුවන් දෙදෙනකු මුදා හරින ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතාට බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුමක් දුන් බව කියන සිද්ධියේ දුරකතන කුලුනු ග්‍රාහක වාර්තා ඉදිරි දින නඩුවට ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (06) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණයේ විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ඉන්දිකා නෙලුමිනි මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

“අධිකරණයේ විභාග වන හෙරොයින් නඩුවක සැකකාරියක පුද්ගලිකව දන්නවා. අවශ්‍ය නම් කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට කතා කරන්න පුළුවන්. ඊට වඩා හොඳයි මේක ඒ. එස්. පී. බලලා ඉන්ක්වරි කරන අයට ඒ දෙන්නව රිලීස් කරන්න ඕඩර් එකක් දෙන්න“ යැයි පවසමින් මෙම දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින එච්. පී. සුජිත් කුමාර යන අය බන්ධනාගාර නිල්ධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

රිමාන්ඩ් භාරයේ පසුවන මෙම සිද්ධියේ දෙවැනි සාක්ෂිකරු වන කොළඹ 10 පදිංචි ඩී. ඒ. උදයශාන්ත ද සිල්වා අබේසේකර යසරත්න යන අය සාක්ෂියට කැඳවා තිබිණි.

හෙරොයින් ග්රෑම් 74ක් සහ මිලි ග්රෑම් 330ක් සන්තකයේ තබා ගත් බව කියන සිද්ධියේ කෙහෙල්කඩුව විදානාරච්චිලාගේ ලක්මාල් ප්‍රියදර්ශන නොහොත් ලක්මාල් සහ මුනිසාමීලාගේ චන්ද්‍රානී යන දෙදෙනා මුදා හැරීම සම්බන්ධයෙන් මෙම ව්‍යාජ දුරකතන ඇමතුම ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT