Sunday, April 20, 2025
Home » උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක්

උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක්

by chanaka
September 8, 2023 3:36 pm 0 comment

සිය පළමු උපක්‍රමශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය සයුරට දියත් කළ බව උතුරු කොරියාව බලධාරීන් පවසයි.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ, උතුරු කොරියානු නාවික හමුදාව ශක්තිමත් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස මෙම සබ්මැරිනය දියත් කිරීම සිදු කළ බවයි.

න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය එළිදැක්වීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා සිදු කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව සබ්මැරීනය අනාගතයේදී එරට නාවික හමුදාවේ න්‍යෂ්ටික ප්‍රහාර හැකියාව ශක්තිමත් කිරීමට උපකාර වනු ඇති බවයි. මෙම සබ්මැරිනයට නවීනතම කෲස් සහ බැලස්ටික් මිසයිල වලින් සන්නද්ධ කිරීමට හැකියාව ඇති බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසයි.

උතුරු කොරියාව මේ වසරේ දී වාර්තාගත ආයුධ අත්හදා බැලීම් රැසක් සිදු කර ඇති අතර, ඉකුත් මාසයේ ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට ගත් දෙවන උත්සාහය අසාර්ථක විය. ඇමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු බටහිර රටවල් රැසක් එම අත්හදා බැලීම් හෙළා දැක තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT