දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජී.මාරිමුත්තු අද (08) උදෑසන හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට 57 වියේ පසු වු මොහු,රජිනිකාන්ත්ගේ Jailer චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය.
ඔහු දෙමළ රූපවාහිනී කතාමාලාවක් සඳහා හඬකැවීම් කරන අතරතුර රෝගීවීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
වසර 1999දී ‘වාලි’ චිත්‍රපටයෙන් සිය වෘත්තිය දිවිය ඇරඹූ මාරිමුත්තු ගේ මංගල අධ්‍යක්ෂණය වන්නේ 2008දී “කන්නුම් කන්නුම්” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ තිරපටයද ඔහුගේ වන අතර, ඔහු එහි කුඩා චරිතයකටද පණපෙවීය.
රැජිනිකාන්ත් ද අභාවප්‍රාප්ත මාරිමුත්තුට උපහාර දක්වමින් X හි දෙමළ භාෂාවෙන් සටහනක් තබා ඇත. එහි සදහන්ව ඇත්තේ “මරිමුත් අපූරු පුද්ගලයෙක්. ඔහුගේ මරණය මා කම්පනයට පත් කළේය. ඔහුගේ පවුලේ අයට මගේ හද පිරි ශෝකය පළ කරනවා.” යනුවෙනි.