Sunday, April 20, 2025
Home » අමෙරිකාවේ චෝදනා කෙරෙහි චීනයේ දැඩි විරෝධය

අමෙරිකාවේ චෝදනා කෙරෙහි චීනයේ දැඩි විරෝධය

by chanaka
September 8, 2023 11:08 am 0 comment

අමෙරිකාව සත්‍යය නොතකා, සැලසුම් සහගත ව තම රටට චෝදනා නැගීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී අමෙරිකාව හිතාමතා ම චීනය අපකීර්තියට පත්කළ බවට අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව කියාසිටියේය.

ඊයේ (07) පැවති නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී අමෙරිකානු නියෝජිතයා චීනයේ තායිවානය සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයට චෝදනා නගා තිබේ. තායිවාන ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, කිසිදු බාහිර බලවේගයකට ඊට බාධා එල්ල කිරීමට නොහැකි බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කරයි.

එකම චීනය යන මූලධර්මය හා චීන-අමෙරිකානු ඒකාබද්ධ නිවේදන තුන නිසියාකාරව අනුගමනය කරමින්, තායිවාන ගැටළුව යොදාගෙන චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT