758
මාලි රාජ්‍යයේ බොට්ටුවකට එල්ල වූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඊසාන දිග මාලිහි ගංගාවක බෝට්ටුවකට ප්‍රහාර එල්ල කර තිබේ. බෝට්ටු ක්‍රියාකරු පවසා ඇත්තේ එහි එංජින් වෙත රොකට් තුනකින් ප්‍රහාර එල්ල වූ බවයි.
ඔවුන් හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී සෙබලුන් 15 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.
සටන්කාමීන් 50 දෙනෙකු ද මිය ගොස් ඇත.
මෙම සිද්ධිය හේතුවෙන් මාලි රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
2020 වසරේ සිට මාලි රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මකය.