Home » ජපානයත් සඳ ජය ගැනීමේ සටනට එක් වෙයි

ජපානයත් සඳ ජය ගැනීමේ සටනට එක් වෙයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 රොකට්ටුව සඳ ගමන සාර්ථක කරගැනීමේ උණුසුම මැකී යෑමටත් පෙර ජපානය ද සඳ තරණය කිරීමේ තරගයට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දකුණු ජපානයේ ටනිගෙෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කළ ‘H-ILA’ රොකට්ටුව සඳ තරණය කළ ලොව පස්වැනි රට බවට ජපානය පත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම රොකට්ටුව රැගෙන ගිය ‘මූන් ස්නයිපර්’ ලෑන්ඩරය සඳෙහි මෙතෙක් නොදුටු විශේෂිත ඡායාරූප ගැනීමේ හැකියාව ඇති අධිතාක්ෂණික උපාංගවලින් සමත්විත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ජපානයේ නවීනතම තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කර ඇති ‘මූන් ස්නයිපර්’ ලෑන්ඩරය සඳ මත ගොඩ බැසීමට නියමිත නිශ්චිත ස්ථානය වේලාසනින්ම සැලසුම් කිරීම විශේෂත්වයක් බවත්, එවැනි නිශ්චිත ස්ථානයකට ගොඩ බැස්වීමට ලෑන්ඩරය මෙහෙයවීමක් මීට පෙර කිසිදු රටකින් සිදු නොවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක මෙහෙයුමක් වන ජපාන රොකට්ටුවේ සඳ ගමන ලබන වසරේ පෙබරවාරි මාසයේදී සිදුවනු ඇතැයි අනුමාන කර තිබේ. එම මෙහෙයුම පසුගිය මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද, අයහපත් කාලගුණය හේතුවෙන් අවස්ථා 3කදීම කල් දැමීමට සිදු වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT