අභ්‍යවකාශය ජය ගැනීමේ පෙරළිකාරයා බවට පත්වී සිටින ඉන්දියාව සූර්යයා අධ්‍යයනය කිරීමට පසුගියදා යවනු ලැබූ ආදිත්‍යා L1 අභ්‍යවකාශ යානය අධිතාක්ෂණ කැමරාවෙන් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍යජාලා අතර වැඩි කතාබහට ලක්වෙමින් තිබේ. පෘථිවියේ සහ සඳෙහි රූප පෙන්නුම් වන පරිදි ගෙන ඇති එම ඡායාරූප සෙල්ෆි ඡායාරූපයක් ආකාරයෙන් ගැනීම විශේෂත්වයකි. ආදිත්‍යා අභ්‍යවකාශ යානයෙන් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට යැවීමෙන් පසු එම ඡායාරූප ලොවට මුදා හැර තිබේ.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මඟින් සූර්යයා අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරන පළමු අවස්ථාව මෙය වන අතර, මේ දැවැන්ත මෙහෙයුම අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සිදු වන්නකි. පෘථීවියේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 1.5ක දුරින් පිහිටා ඇති සූර්ය- පෘථිවි පද්ධතිය වන ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය වටා ආලෝක කක්ෂයක ස්ථානගත කර එමඟින් සූර්යයාගේ හැසිරීම පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ අවබෝධයක් පෘථිවි ජනතාවට ලබාදීම ‘ආදිත්‍යා L1’ මඟින් සිදු කෙරෙන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ.