Monday, April 21, 2025
Home » මීනි වල හාරා මිය ගිය දැරියගේ සිරුර සොරා ගත් අය ගැන විමර්ශනයක්

මීනි වල හාරා මිය ගිය දැරියගේ සිරුර සොරා ගත් අය ගැන විමර්ශනයක්

by yasara
September 8, 2023 2:54 pm 0 comment

dead body baby

වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබූ කුඩා දැරියකගේ මළ මිනියක් කිසියම් පිරිසක් විසින්  එම මිනී වළ හාරා රැගෙන ගොස් ඇති බවට වවුනියාව නෙළුකුලම පොලීසියට ඊයේ (07) දා පැමිණිලි කොට තිබේ.

2023 අගෝස්තු මස 25 වෙනිදා  වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ ළිදකට වැටී ලිංගරාජා ඩීබිකා නැමැති අවුරුදු එකයි මාස එකොළහක දැරියක් මියගිය අතර ඇගේ  භූමදාන කටයුතු වවුනියාව  රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේදී සිදු කොට තිබේ.

මේ මස 7 වෙනිදා දැරිය මිහිදන් කළ ස්ථානයේ උදැල්ලක් ඇති බවටත් මිනී වළ හාරා ඇති බවටත් ගම්වාසීන් පිරිසක් දැරියගේ පියාට කළ දැණුම් දීමක් මත ඔහු එම ස්ථානයට ගොස් බලන විට දැරියගේ දේහය මිනි වලෙන් අතුරුදහන් වී ඇති අයුරු දැක ගැනීමට හැකි වී තිබේ.

වහාම ඔහු මේ පිළිබදව නෙළුකුලම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ගොස් මිනීවළ හෑරීමට යොදා ගත් උදැල්ල අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT