Saturday, April 19, 2025
Home » ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂ්ත්‍රයට බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල සහය

ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂ්ත්‍රයට බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල සහය

by yasara
September 8, 2023 2:26 pm 0 comment

prime minister 123

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ  (07) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති සිය දැඩි කැපවීම මහ කොමසාරිස්වරයා සනාථ කළේය.

පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම  ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, බැංකු සහ මූල්‍ය සේවා, ඖෂධ, හෝටල් කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවල එක්සත් රාජධානියේ ආයෝජන දිරිමත් කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල සහභාගීත්වය වර්ධනය කිරීම පිළිබඳව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රසාදය පළ කළේය. බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ පහසුකම් පුළුල් කිරීමේ හැකියාව සොයා බැලීමටද ඔහු එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් සිඕභාන් ලාතම් (Siobhan Latham) ද මෙම හමුවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT