Monday, April 21, 2025
Home » පනත් කෙටුම්පත් 02කට කථානායක අත්සන් තබයි

පනත් කෙටුම්පත් 02කට කථානායක අත්සන් තබයි

by yasara
September 8, 2023 1:30 pm 0 comment

parliment 1234

පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙ‌රේදා (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත් දෙක අද (08) සිට බලාත්මක වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT