උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයන් අතර මාර්ගයට අද අළුයම (08) සිදුවු පස් කඳු හා ගල් කඩා වැටිමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවි ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අංක 30 සහ 31 උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිර වි ඇති බවද වාර්තාවේ .
අද උදෑසන බදුල්ලේ සිට කොළඹ බලා ගමන් කල පොඩි මැනිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර ඇල්ල ඕඩිසි දුම්රියද අතරමග නවතා ඇති බවද බදුල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසිය
මේ වනවිටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් දුම්රිය මාර්ගයට වැටි ඇති පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය යථා තත්ත්වයට ගැනිමට කටයුතු කරමින් සිටින අතර මාර්ගය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය.