Monday, April 21, 2025
Home » රජයේ ත්‍රිපෝෂ කම්හල පෞද්ගලීකරණය වහාම නවත්වන්න

රජයේ ත්‍රිපෝෂ කම්හල පෞද්ගලීකරණය වහාම නවත්වන්න

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

රජයේ ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත මතු කළ ප්‍රශ්නය අතරතුර අතුරු ප්‍රශ්නයක් මතු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. ත්‍රිපෝෂ ලබාදීමේ බරපතළ ගැටලුවක් අද තිබෙනවා. කිරි දෙන මවුවරුන්ට ගැබිනි මවුවරුන්ට කුඩා දරුවන්ට දෙන ත්‍රිපෝෂ අද හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම අපට දැනගන්නට ලබී තිබෙනවා ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත් පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරන බවට. පෞද්ගලීකරණ ලැයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ දීම ඕනෑම රජයක වගකීමක්.

දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හරියාකාරව ත්‍රිපෝෂ ලබා දෙන්න සහ රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන එක වහා නතර කරන්න කියලා ඉල්ලනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT