Home » සිරම්බිඅඩියට අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක්

සිරම්බිඅඩියට අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක්

by chanaka
September 7, 2023 5:15 pm 0 comment

පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්බ්භයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට (කැෆර්වරුන්ට) අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

සිරම්බිඅඩි ඇතුළු ප්‍රදේශ කිහිපයකට සීමා වී ඇති අප්‍රිකානු සම්භයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශය සම්බන්ධයෙන් වන සිය අධ්‍යයන කටයුත්තක් සදහා අමාත්‍යවරයා එම ප්‍රදේශයට ගිය අතර එහිදී අමාත්‍යවරයා මෙම සහතිකය ලබාදුන්නේය.

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මෙම ජන කොට්ඨාශයේ සක්‍රීය දායකත්වක් ලබාගැනීමත්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, සිය සංස්කෘතිකාංග අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබාදීමටත් අන්තර්ජාතික අවධානය දිනාගත හැකි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසුවේය.

අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයේ ඉතිහාසය, රැකියා තත්වයන් හා සංස්කෘතිකාංග සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ජීවත්වන වැඩිහිටියන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තොරතුරු ලබාගත් අතර තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT