Home » ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනය හෙට

ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනය හෙට

by chanaka
September 7, 2023 4:13 pm 0 comment

explo sl

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා දිනයට සමගාමීව “Exploratio 23” නමින් විද්‍යා ප්‍රදර්ශනයක්, විද්‍යාල භූමියේදී හෙට(08) පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

“කෘතිම බුද්ධිය සහ මානව වර්ගයාගේ අනාගතය“ යන තේමාවෙන් එය සංවිධාන කෙරේ.

විද්‍යාලයේ විද්‍යා සංගමය විසින් මෙය සංවිධාන කරනු ලැබේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාව හා ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය චමරි එම්. හෙට්ටිආරච්චි මහත්මිය සහභාගී වේ.

ත්‍රිවිධ හමුදාව,පොලිසිය සහ විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය අංශ ගණනාවක ප්‍රදර්ශන කුටි මේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කෙරෙන අතර, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නව නිපැයුම් ද මේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කෙරේ.

එසේම මෙම විද්‍යා ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන්ද විවෘතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT