Home » ශන්තිකර්මයට ගිය බිරිඳ අබිරහස් ලෙස මිය යයි

ශන්තිකර්මයට ගිය බිරිඳ අබිරහස් ලෙස මිය යයි

by yasara
September 7, 2023 11:04 am 0 comment

women-dead

ශාන්ති කර්මයක් සිදුකර නිවසට යමින් සිටී තරුණ බිරිදක සැක කටයුතු අන්දමින් මියයාමක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඊයේ (06) පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බේරුවල, කංකානම්ගොඩ, ආරිවංශ මාවතේ පදිංචිව සිට 5 දා රාත්‍රි මියගොස් ඇති මොහොමඩ් රිල්වාන් ෆාතිමා හෆ්රා නමැති 21 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්දයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කීය.

අදාල කාන්තාව මරණයට පත්වීමෙන් පසුව ග්‍රාම නිළධාරී හෝ පොලිසියට නොදන්වා භූමදානය කිරීමට යන බවට ප්‍රදේශවාසියෙක්ගෙන්  ලද තොරතුරක් මත පොලිසිය  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගොස් ඇති තැනැත්තියට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ශාන්ති කර්මයක් සදහා තිහාරිය ප්‍රදේශයට කැටුව ගොස් එමින් සිටීයදී මියගොස් ඇති බවට ඇයගේ සැමියා ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය කීය.

කෙසේ වුවද මෘතදේහය පරීක්ෂා කිරීමේදී  මුහුණේ තුවාල කැලල් කිහිපයක් දක්නට ලැබෙන බැවින් හදිසි මරණ පරීක්ෂණයක් සදහා යොමුකර ඇති බව සදහන් වේ.

හදිසි මරණ පරීක්ෂක එම්.එන්.එම්. නස්රීන් මහතා විසින් පරීක්ෂා කොට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට සුදුසු බව දැනුම් දීමෙන් පසු මෘතදේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බව පොලිසිය කීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT