සංචාරක බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත සිවුදින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.
වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඊයේ ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 38ක් පමණි.
නායක සිනෙත් ජයවර්ධන සමඟින් ඉනිම ආරම්භ කරමින් ඊයේ යොවුන් ටෙස්ට් වරම් ලැබූ පුලිඳු පෙරේරා හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 71ක් රැස් කළේ පන්දු 66කිනි.
පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 64කින් නිමා කරමින් සිනෙත් ලකුණු 34කට දැවී ගිය අතර, අනතුරුව පුලිඳුට එක් වූ රවිෂාන් නෙත්සර ලකුණු 57ක සබඳතාවක් ගොඩනැඟුවේය.
ලකුණු 121දී පුලිඳු දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, දිනය නිමා වන විට රවිෂාන් නොදැවී ලකුණු 31ක් රැස් කර තිබිණි.
ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස රුසඳ ගමගේ ලකුණු 7කට දැවී ගිය අතර, රවිෂාන් සමඟින් අනෙක් අන්තයේ සිටි දිනුර කලුපහන නොදැවී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 15කි.
මේ තරගයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා මෙන්ම කොදෙව් ක්‍රීඩකයෝ 11 දෙනා ද ඊයේ සිය රට වෙනුවෙන් යොවුන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, අමතරව දිනුර කලුපහන, මල්ෂ තරුපති, පැතුම් මලිත, රුසඳ ගමගේ, රවිෂාන් නෙත්සර, සාරුජන් සන්මුගනාදන්, විශ්ව ළහිරු, විශ්ව රාජපක්ෂ සහ විහාස් තෙව්මික ඇතුළත්ව සිටිති
අද තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා යොවුන් පිල – 163/3 (ඕවර 38) පුලිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රුසඳ ගමගේ 7, රවිෂාන් නෙත්සර නොදැවී 31, දිනුර කලුපහන නොදැවී 15 (ටාර්රික් එඩ්වඩ් 27/1, ඉසායි තෝර්න් 33/1, නේතන් සීලි 45/1)