ශ්‍රී ලංකා පොලීසියේ 157 වන පොලිස් සංවත්සර දිනයට සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ එම සැමරුම කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බි.ටි සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් බේරුවල මරදාන මස්ජදුල් අබ්‍රාල් ජුම්මා දේවස්ථානය කේන්ද්‍රකර බේරුවල පොලිසිය සංවිධානය කර තිබිණ.
මෙහිදී වැඩමකර මහා සංඝරත්නය බෞද්ධ අනුසාසනා සිදුකර අතර ඉස්ලාම් හා කිතුනු ආගමික නායකයින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැවති උත්සව සභාවේ කෙටි දෙසුම් පැවැත් වූහ.එසේම සමාජ සත්කාර සේවාවක් ලෙස බේරුවල පොලිසිය මගින් ප්‍රදේශයේ දුගී අසරණ පවුල් 25ක් වෙනුවෙන් වියලි ආහාර මලු ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණ.ජාතීන් හා ආගම් අතර මනා මහජන සබඳතා තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගෙන මෙම ඉස්ලාම් දේවස්ථානය මුල්කරගෙන මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳ කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල මහතා බේරුවල පොලිසියට කෘතඥතාව පළ කළහ.