Home » දෑලතුර රක්ෂිතයේ කසිප්පු තිප්පොළක්

දෑලතුර රක්ෂිතයේ කසිප්පු තිප්පොළක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

මල්වාන සමූහ මහානාම විතානගේ, දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති

ජාඇළ, දෑළතුර රක්ෂිතයේ මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටි ස්ථානයක් කොළඹ සුරාබදු දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ඉකුත්දා සාර්ථකව වටලා ඇත.

ඒ සමගම මෙහි බැරල් 4ක තිබු කසිප්පු ස්ප්‍රීතු ලීටර් 207ක් සමග හිස් බැරල් 8 ක් ඇතුළු පෙරීමේ උපකරණ රැසක්ම ද අත් අඩංගුවට ගැනිණි.

තවද මෙහි තිබි කසිප්පු පෙරීම සදහා ගෙනවිත් තිබු සීනී කිලෝ ගැම්ස් 60 ක් හා යීස්ට් ගැම්ස් 400 යේ පැකට් 8ක් ද සොයා ගත්හ.මේ ස්ථානය සුරාබදු නිලධාරීන් විසින් වටලන විට මෙහි කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙකු ද ඔවුන් භාරයට ගන්නා ලදී.අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා ජාඇල,සමගිපුර පුදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබේ. මේ වැටලීමට කොළඹ සුරාබදු දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩ,සුරාබදු පරික්ෂක ඉන්දික ප්‍රියශාන්ත,සුරාබදු සැරයන් නජිත්සින්(842)සුරාබදු කෝප්‍රල් මංජුල කුමාර(825),සුරාබදු නියාමක නිශ්සන්ගන්(1135),සුරාබදු රියදුරු කපිල හා ජනිත යන නිලධාරීහු එක් වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT