Home » ‘වේග බට්ටා’ට වෙඩි තියන්න ආධාර කළ සැකකරු රිමාන්ඩ්

‘වේග බට්ටා’ට වෙඩි තියන්න ආධාර කළ සැකකරු රිමාන්ඩ්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

වැලිවේරියේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි Òවේග බට්ටාÓයන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සඳහා ගමන් කිරීමට වෙඩික්කරුවන් හට යතුරුපැදියක් ලබාදී එම වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කරන සැකකරුව 7 වෙනිදා (හෙට) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පාතිමා සහානා මහ්පි මහත්මිය ඊයේ (5) පස්වරුවේ නියම කළාය.

මීගමුව,අක්කර 50,සමෘද්ධිගම පදිංචි එස්.ඩී.රුසික මධුසංඛ ප්‍රනාන්දු නමැති 31 හැවිරිදි සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.සැකකරුව අධිකරණ නියෝග මත පැය 48ක් වැලිවේරිය පොලිසියේ රඳවා තබා ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

විදෙස් රටක සිට මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරන කිරි කොල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු වන සැකකරු එම කිරි කොල්ලා

නමැති අයගේ උපදෙස් මත වෙඩික්කරුවන් වෙත යතුරු පැදිය ලබා දී ඇති බව වැලිවේරිය පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

පාතාලයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් මියගොස් සිටින ගම්පහ,කෙහෙල්බද්දර පස් පොඩ්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු වූ වේග බට්ටා නමැති පාතාල සමාජික සැකකරුට ඉකුත් මස පස් වැනිදා යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් වැලිවේරිය ජුබිලි මාවතේ දී වෙඩි තබා තිබුණි.එම වෙඩි ප්‍රහාරයට ලක්වූ වේග බට්ටා නමැති පාතාල සමාජිකයා තුවාල ලබා තිබු බව පොලිසිය කියයි.එම වෙඩි තැබීම සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනාට වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ගිනි අවි දෙකක් ලබාදීම සහ ලොරි රථයකින් එම ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීමත් වෙඩික්කරුවන් දෙදෙනාට පලායාමට ආධාර අනුබලදීම යන චෝදනා මත සැකකරුවෙකු සහ සැකකාරියක්ද වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුද අධිකරණ නියමයෙන් 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව අධිකරණයේදී සඳහන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT