577
මාන්කුලම් – මුලතිව් මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු යතුරුපැදියක් අද (06) අලුයම ට්‍රැක්ටර් ට්‍රේලරයක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මුල්ලියාවෙලි හී පදිංචි අවුරුදු 23සහ 24 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි
ට්‍රැක්ටර් ට්‍රේලරය මාර්ගයේ නවතා තිබූවක් බවත් අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය එහි ගැටී මෙම අනතුර සිදු වී තිබෙයි.
අනතුරින් තුවාල ලැබූවන් ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙයි