Tuesday, April 8, 2025
Home » ගුවන් හමුදාපතිට ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් උපහාර

ගුවන් හමුදාපතිට ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් උපහාර

by yasara
September 6, 2023 11:34 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති තුමන් ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයේදී පවත්වනු ලැබු අතර ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් බිහිවූ පලමු ගුවන් හමුදාධිපති තුමන් ලෙස එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා පරාක්‍රම මහා විද්‍යාලීය ඉතිහාසයට එක් වන ලදී.

පරාක්‍රම මහා විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් පරාක්‍රම මහා විද්‍යාලීය විදහල්පතිතුමන් විසින් පිලිගැනිමෙන් අනතුරුව විද්‍යාලීය බාලදක්ෂයින්ගේ ආචාරයෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් උත්තමාචාර පෙළපාලියක් පවත්වා තිබෙයි.

අනතුරුව ගුවන් හමුදාපති තුමන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අමතමින් තමන් පාසල් කාළය තුලදි ක්‍රියා කරනු ලැබු ආකාරය පිළිබදවත් අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක වෙමින් ලබාගත් අත්දැකිම් තුලින් මෙවැනි සාර්ථක ගමනක් කරා පැමිණිමට තමන් හට හැකි වු බව ප්‍රකාශ කරනු ලැබු අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන කටයුතු සදහා මෙන්ම ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක්වය ලබා දිමට කටයුතු කරමින් තම ජීවිත සාර්ථක කරගැනිමට අදිටන් කර ගන්නා ලෙස ප්‍රකාශ කර සිටියේය

මෙම උපහාර උත්සවය අවසානයේ දි ගුවන් හමුදාධිපතිතුමන් හට විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කල අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසල වෙත පිරිනමනු ලැබු සමරු තිළිණය විදුහල්පතිතුමන් වෙත ප්‍රධානය කෙරිණි

මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන්, ගුරුමහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලූ පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT