Home » චැනල් 4 වැඩසටහනට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

චැනල් 4 වැඩසටහනට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

by mahesh
September 6, 2023 12:55 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ඉදිරියේදී සිදු කරනු ඇති බවත් අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය සහාය දීමට පවා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව ද ඇමැතිවරයා පැවසීය.

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට නොවන බවත් මේ පිළිබඳ සොයා බැලීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැති බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රකාශයක් චැනල් 4 නාළිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටියේය.

“මේ කියන සැලසුම විදියටම නම් ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කරන්න කටයුතු කරලා තිබුණේ. එහෙනම් කනගාටුයි කියන්න. ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් හිමියන් උදේ පාන්දරම ගිහින් ඡන්දෙ දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට කියලා කිව්වේ. මේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැඟුවේ. ඔය අඬපු අය, මේ විදියට වැඩ කරන්න කියපු අය මේ ඡන්ද ව්‍යාපාරයේ කොටස්කාරයෝ වෙන්න ඕනෑ එහෙම නම්” යැයිද එහිදී නානායක්කාර මහතා කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT