459
පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා සමඟි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ අඛණ්ඩ සාකච්ඡා ආරම්භ කර ඇති බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
සමඟි ජන බලවේගය ඉදිරියේදී ගොඩනඟනු ලබන පුළුල් දේශපාලන සන්ධානය සඳහා සහාය ලබා ගැනීමේ අරමුණෙන් පවත්වනු ලබන විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ කරනු ලබන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් පෙරේදා (04) සමඟි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.