Monday, April 21, 2025
Home » දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි

දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානායක කියයි

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (05) දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දෙන ලද තීන්දුව තමා වෙත ලැබී ඇති බවත් ඒ අනුව පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද කථානායකවරයා පැවසීය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සපයා ඇති කරුණු අනුව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ද කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දෙමින් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT