ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කළ ‘ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව‘ (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (4) ආරම්භ කෙරිණි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මේ උත්සවයේදී උපාධි පාඨමාලාවට සහභාගි වීමට නියමිත ප්‍රථම පොලිස් නිලධාරි කණ්ඩායම ලියාපදිංචි කිරීමද සිදු කරන ලදි.
මේ අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලා ලාභීන් 150 දෙනකු සහභාගි වූ අතර, ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකික ජන සමාජයට සැලසීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමයි.