ලබන වසරේ (2024) මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙවර උසස් පෙළ විභාගය ඉදිරියට ගැනීමට ආණ්ඩුව තීරණය කළේ කවර හේතුවක් නිසාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කෙළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කෙළේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
ආර්ථික අර්බුදය තුළින් පීඩාවට පත්වුවද කෙසේ හෝ ධෛර්යෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කළ දරුවන්ට මෙමඟින් දැඩි අසාධාරණයක් සිදු වෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් වෙනුවෙන් නිසි පරිදි වාර විභාග පවා පවත්වා නැහැ.
එබැවින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමුකළ යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.