Home » විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳන්න මහා භාණ්ඩාගාරය පියවර ගන්නවා

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳන්න මහා භාණ්ඩාගාරය පියවර ගන්නවා

by mahesh
September 6, 2023 1:00 am 0 comment

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මීට සතියකට පමණ පෙර දැනුම් දුන් අතර ඊට අදාළ වාර්තා සකස් කර ආචාර්යවරුන්ගේ බදු ගැටලුව විසඳීමට මහා භාණ්ඩාගාරය පියවර ගනු ලබන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා ඇමැතිවරයා ලෙස තමා සියලු පියවර ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ බව හොඳින්ම දන්නවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මූලික වැටුපට අමතරව අධ්‍යයන දීමනා සහ පර්යේෂණ දීමනා ලෙස දීමනා දෙකක් ලබා දෙනවා. පසුගිය වර්ෂයේ දුෂ්කර අවස්ථාවේදී ආණ්ඩුව ගත් බදු තීරණය නිසා සියයට 36 කාණ්ඩයට මැති ඇමැතිවරුන් සහ වෘත්තිකයන් ද එක් වූණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවතින සියලු ගැටලු විසඳා දීමට පියවර ගන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT