Home » ආයුර්වේද පනත් කෙටුම්පත සංශෝධනය වන්නේ ඉදිරිය ගැන හිතලා

ආයුර්වේද පනත් කෙටුම්පත සංශෝධනය වන්නේ ඉදිරිය ගැන හිතලා

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ආයුර්වේද පනත් කෙටුම්පත සංශෝධනය කරනුයේ ඉදිරි දැක්මකට අනුව බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහාය දෙනවා. ආයුර්වේදය රට තුළ ආරක්ෂා කර ගත යුතුයි.

මගේ සීයා කිරිඳිවැල ප්‍රදේශයේ කිරිඳිවැල රජ්ජුරුවන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඔහු පිස්සු බලු රෝගයට ප්‍රසිද්ධම දේශීය වෛද්‍යවරයෙක් වුණා. රෝහල්වලින් සුව කළ නොහැකි අය කිරිඳිවැල නිවෙසට ගෙනැවිත් සුවපත් කළා. එය විශ්මයජනකයි. සීයාට ඕනෑම වේලාවක රෝහලකට යෑමට අවසරයත් තිබුණා. ආයුර්වේද පනත සංශෝධනය කිරීම වර්තමාන අවශ්‍යතාවක්. හැමෝගේම මතයන් අනුව එය සංශෝධනය කළ නොහැකියි. නමුත් බහුතරයකගේ අවශ්‍යතාව අනුව මෙය සිදු කළ යුතුයි. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරි දැක්මක් අනුව තමයි මේවා සංශෝධනය කරන්නේ. ඉන්දියාවේ අගමැතිවරයා සාකච්ඡා කරන්නේත් වෛද්‍ය විද්‍යාව ක්‍රම ගණනාවකට බෙදිය යුතුයි කියලා. එය අපේ රටටත් අවශ්‍ය වෙනවා කියලා මම හිතනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT