Monday, April 21, 2025
Home » ජනපති උපදේශක රුවන් ඊජිප්තු අගමැති හමුවෙයි

ජනපති උපදේශක රුවන් ඊජිප්තු අගමැති හමුවෙයි

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික සමුළුවට (Africa Climate Summit 2023) සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි මහතා (Mostafa Madbouly) හමු වී සාකච්ඡා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රුවන් විජයවර්ධන මහතා මේ සමුළුවට එක්ව සිටියි. ඊජිප්තු අගමැතිවරයා සහ රුවන් විජයවර්ධන මහතා අතර පැවති හමුවේදී දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී දෙරට අතර සහයෝගිතාව ඉහළ නංවාගැනීමේ හැකියාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. එසේම දේශගුණික විපර්යාස අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද රුවන් විජයවර්ධන මහතා මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුම්වත් කළේය. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය. කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කනා කනනාතන් (Kana Kananathan) මහතාද මේ අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT