සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජයෙන් ශ්‍රී ලංකාවට පිරිනැමෙන ලීමර් සත්ත්වයන් (Ring tailed Lemurs) සිව් දෙනකු සහ එමූ (Emu) පක්ෂීන් තිදෙනකු අද (6) ගුවන් මඟින් මෙරටට ගෙන ඒමට නියමිතය.
ටර්කිෂ් ගුවන් සේවයට අයත් TK6184 ගුවන් යානයෙන් මේ සතුන් අද (6) පෙරවරු 7.25ට පමණ මෙරටට පැමිණීමට නියමිත අතර, චෙක් ජනරජයේ Zoo JH S.R.O. සත්ත්වෝද්‍යානයෙන් පිරිනැමුණු ගැහැනු ලීමර් සතුන් දෙදෙනෙක්
හා එමූ පක්ෂීහු තිදෙනෙක්ද චෙක් ජනරජයේම Jihoceska zoologicka zahrada hluboka nad vitavivo සත්ත්වෝද්‍යානයෙන් ලැබෙන පිරිමි ලීමර සත්ත්වයෝ දෙදෙනෙක්ද මේ කණ්ඩායමට අයත් වෙති.
මේ සතුන් අද (6) සිට මාසයක කාලයක් නිරෝධායනය සඳහා පින්නවල සත්ත්වෝද්‍යානයට යොමු කරන බවත්, ඉන් අනතුරුව මහජන ප්‍රදර්ශනයට යොමු කරන බවත් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා දිනමිණට කීය. මේ සතුන් ශ්‍රී ලංකාවට පිරිනැමීම වෙනුවෙන් චෙක් ජනරජය වෙත අඳුන් දිවියන් (ගැහැනු) දෙදෙනකු මෙරටින් යැවීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.