Home » දැරියක නිරුවත් කර සිපගත් පුද්ගලයකුට අත්හිටවූ සිරදඬුවම්

දැරියක නිරුවත් කර සිපගත් පුද්ගලයකුට අත්හිටවූ සිරදඬුවම්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

රෝෂන් තුෂාර

හත් හැවිරිදි දැරියක ලඳු කැලෑවකට ගෙන ගොස් ඇඳුම් උනා දමා සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ තිදරු පියකුට වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය.

එම දඬුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.

අධිකරණ භාෂා පරිවර්තක මොහොමඩ් යාසිර් මහතා විසින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා විත්තිකරුට කියවා දීමෙන් පසුව වරද පිළිගැනීම හේතුවෙන් මෙම ලිහිල් දඬුවම් නියම කළේය.

මීට වසර 15 කට පෙර තිස්එක් හැවිරිදි වියේ පසුවූ විත්තිකරු හත් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

නඩුවේ පළමු සාක්ෂිකාර වින්දිත දැරිය මේ වන විට විසි දෙහැවිරිදි වියේ පසුවන්නියක් බව අධිකරණයේ කරුණු ඉදිරිපත් කර ඇති අතර ඇය අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් චෝදනාවන් සංශෝධනය කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇත.

සංශෝධිත අධි චෝදනාවන්ට අදාළ වරද තමන් අතින් සිදුවූ බවත්, හතළිස් පස් වියේ පසුවන තිදරු පියෙකු වන තමන් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පශ්චාත්තාප වන බවත් සඳහන් කරමින් විත්තිකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගත්තේය.

දෙපාර්ශ්වය කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT