Home » සරසවි ආචාර්ය පුරප්පාඩු ඉදිරි මස පුරවනවා

සරසවි ආචාර්ය පුරප්පාඩු ඉදිරි මස පුරවනවා

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟයෙන් සියයට 50ක් ඉදිරි මාසය තුළ පිරවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

රාජ්‍ය විශ්වවිද්‍යාල 17 තුළ ආචාර්යවරුන්ගේ හිඟය 1054ක් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් අනුව අදාළ විශ්වවිද්‍යාලයන්හි පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවස්ථාවක් පැමිණියහොත් රට හැරයෑමේ ප්‍රවණතාවක් පවතින බවත් 2023 වර්ෂයේ පළමු මාස හයේදී විශ්‍රාම ගිය සහ ඉල්ලා අස්වූ ආචාර්යවරුන් වෙනුවට පුරප්පාඩු පිරවීම සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

වර්ෂ 2022 සහ 2023 තුළ විශ්‍රාම ගත් හා ඉල්ලා අස් වූ ආචාර්යවරුන් නැවත සේවයට බඳවා ගැනීමෙන් පවතින පුරප්පාඩු මඟහරවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT