Home » විද්‍යුත් ත්‍රීරෝද රථ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්

විද්‍යුත් ත්‍රීරෝද රථ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්

by yasara
September 5, 2023 3:48 pm 0 comment

electric threewheel

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබෙයි

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බව සඳහන් වෙයි

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබෙයි

එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් හා දළ බර කිලෝග්‍රෑම් 1,000ක් නොඉක්ම විය යුතුයි.

ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT