Home » දක්ෂිණ අධිවේගයේ ලොරි රථ දෙකක ගැටී -රියදුරුට බරපතළයි

දක්ෂිණ අධිවේගයේ ලොරි රථ දෙකක ගැටී -රියදුරුට බරපතළයි

by yasara
September 5, 2023 12:22 pm 0 comment

accident bus

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙයි

මෙම අනතුරින් එක් ලොරා රථයක රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත

අනතුරට ලක් වූ ලොරි රථ දෙකම කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී කිලෝමීටර 3.9 ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ශබ්දයක් ඇසී මාර්ගයේ අයිනට කර නතර කිරීමත් සමගම පිටුපසින් පැමිණි  ලොරි රථය එහි ගැටී මෙම අනතුර සිදු වී ඇත

ලොරි රථයට බරපතළ අලාභ සිදු වී ඇති අතර, තුවාල ලද රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුරට හේතුව බව අනාවරණය  වී තිබෙයි

දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT