786
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්රදේශයේ දී ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙයි
මෙම අනතුරින් එක් ලොරා රථයක රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත
අනතුරට ලක් වූ ලොරි රථ දෙකම කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී කිලෝමීටර 3.9 ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ශබ්දයක් ඇසී මාර්ගයේ අයිනට කර නතර කිරීමත් සමගම පිටුපසින් පැමිණි ලොරි රථය එහි ගැටී මෙම අනතුර සිදු වී ඇත
ලොරි රථයට බරපතළ අලාභ සිදු වී ඇති අතර, තුවාල ලද රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුරට හේතුව බව අනාවරණය වී තිබෙයි
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.