කොළඹ වරාය රේගුවට කඩල ( Chick Peas ) ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලංකාව මෙරටට ආනයනය කර තිබූ රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා උළුදු තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම උළුදු අඩංගු අඩි 20 ක් දිගැති බහාලුම කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඉකුත් 08/26 දින ඉන්දියාවේ චෙන්නායි සිට කොළඹ වරායට ගෙන්වා තිබුණි .
රේගු නිලධාරීන් නොමග යැවීම සදහා මෙම බහාලුමේ දොර අසළ කඩල කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 228 ක් අසුරා තිබී ඇත.
එහෙත් මෙම බහාලුම තුළ තවදුරටත් පරීක්ෂා සිදු කිරීමේ දී , කඩල ලෙස සදහන් කර තිබී උළුදු අඩංගු කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ගෝනි 574 ක් තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .
එහි රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් වටිනා උළුදු කිලෝ ග්‍රෑම් 17,200 ක් එහි අසුරා තිබී ඇත.
මෙම බහාලුම මේ ආකාරයෙන් වරායෙන් නිදහස් කර ගෙන ගියේ නම් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 52 ක බදු ආදායමක් අහිමි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
ශ්‍රී ලංකා රේගුව මෙම ආනයනයකරු කැදවා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ